Saturday, April 7, 2018

Why Cinderella..? Why not Wonder Woman ?

A Cinderella,
a wish of many men to have,
and many women to be..
A Cinderella
who was of course lucky,
to be saved by a prince..
A Cinderella,
who suffered and was helpless..
Made her prince 
feel more strengthen
for saving her..
But there're women of wonder,
just like Wonder Woman,
saving herself.
If you asked,
a list will appear claiming to be her date..
Yet she will be single,
Because a woman with such power
will often makes them men
feel emasculated..
and that's not a wish of many men to have..
many women to be..



Friday, June 19, 2015

පෙරළා රිදවීම

මැසි මදුරුවෙකු සිරුරේ වැසුවද,
තලා පළිගන්න ලොවකදි,
අත්වැරැද්දෙන් කෙනෙකු ඔබහට
රිදවු විටෙකදි කුමක් කරහිද?

රිදවූ ක්ෂණයෙහි තලන විලසින්
මදුරුවෙකු,කුහුඹුවෙකු,
තලන්නේ උගේ සිතත් තරහින්
කය තලනු බැරි තරහ සමඟින්..

කල් ගෙවී ගොස් වැරදිකරු යලි,
සිතත් පහදා වරද පිලිගෙන,
වැරදි නොමකළ ඔබේ අභිමුව
සිටී භජනය කරමින් සමාව..

යලිත් නුඹේ මුව ඇරුණි නම්
රුදුරු අවි වන් වදන් සමඟින්,
වරදකරු දැන් ඔබද ඔහු දැයි,
නොවිමසන්නෙ කිමද නුඹගෙන්..

ගල් ගැසිය යුත්තේ පවට මිස,
පව්කාරයාට නොවන බව,
සැම මනුසතුන් සම බවද නොම දත්,
නුඹේ සිත හට කෙලෙස පහදම්?

ලිව්වේ : නදීකා අතුකෝරල.
2015.06.20

Friday, May 15, 2015

Coins


Can this piece of metal take decisions on our lives?
Where does it lead us to?
Sum of the money can't give a value to a man,

 but
what happened to him,
 and what he has being through
 till his hair turned gray 
and skin got wrinkles do.. 

Limitless




They say sky is the limit but it's not..
They say horizon is limitless but there's a limit.. 
You can't judge anything, 
cause alone , 
you are nothing. 
But with an open mind 
you can see everything,
 be everything,
see the limitless-ness in limits. 




Flying against the wind






Flying against the wind.. Wings will hurt,
Feathers will fall,
But,
Once you reach the destination,
You become a survivor of a storm.
Fallen wings will change the look,
So the your courage..!


සිහින - මා

මව් කුසෙන් මිහි කුස එලිය දකිනා සඳ,
දෑඟිලි මිට මොලවා පැමිණියද,
එම දෑඟිලි අතර සිරකොට රැගෙන ආ දෙයකුදු නැත..
මනු සතෙකු වූ නියාවෙන්ම ලද
මා පිය ස්නේහයට මැදිව
තැනිව සරන බැව් නොම පසක් වෙන පරිද්දෙන් මයාවක පැටලී..
කාලයේ අවෑමෙන් මට මා පමණක්ම බව පසක් විණි..
අහෝ..
දහසකුත් එකක් සිහින වලට මිල නියම කරනු වස් කාලයේ මුදලිඳුට "'මා" උගසට තබා ඇත..
දැන් මට මා ද අහිමිය..
උගසට තැබූ "මා" නැවත නොඑනු ඇත..
කෙසේ හෝ "සිහින" දිනා ගත යුතුව ඇත..

from my old blogspot chathunadee.blogspot.com

නොනැවතී ඉදිරියටම..

ඔබ ජය ගනිද්දී
බොහෝ පිරිවර ඔබට ඇති වෙවී.. 
ඔබ වෙනුවෙන් යැයි කියා ගනිමින්,
ඔබේ සෙවනැල්ල යටින් සිසිල ලබන්නට
බොහෝ වුන් පෙළ ගැසේවි..
යනෙන කිසිඳු තැනෙක ඔබ තනි නොවේවි..
නමුදු,
පය පැකිලී ඔබ වැටුන ක්ෂණයෙහි,
එදා කර වටා වූ දෑත්, 
මෙදා ඔබට වාරු නොදෙන විට,
සිය දෑත, දෙදණ පොළවෙ හොවා,
ඉලක්කය වෙත ඉගිලෙන්නට තනන හී සැරයක් පරිද්දෙන්,
අසාර්ථකත්වය නම් කඩමල්ලෙන් ඔතා ඇති,
මිණි පරදන සාර්ථකත්වයේ රහස් විභවයන් දරා..
දුනුදිය ඇද,
අවංක යැයි සිතූවෝ වංක බව පෙනෙද්දී,
මගේ සිතු දේ, මගේ නොවන බව පෙනෙද්දී,
එදා සුබ පැතූ මුව, අද විවේඡනයට විවර වෙද්දී..,
පහර වැදිය හැකි සැම තැනින් පහර වදිද්දී,
ඇස් කෙවෙනි තුල නලියන,
කඳුළු කැට තනි රකිද්දී..
නොනැවතී ඉදිරියටම...

from my old blogspot chathunadee.blogspot.com