Friday, May 15, 2015

Coins


Can this piece of metal take decisions on our lives?
Where does it lead us to?
Sum of the money can't give a value to a man,

 but
what happened to him,
 and what he has being through
 till his hair turned gray 
and skin got wrinkles do.. 

Limitless




They say sky is the limit but it's not..
They say horizon is limitless but there's a limit.. 
You can't judge anything, 
cause alone , 
you are nothing. 
But with an open mind 
you can see everything,
 be everything,
see the limitless-ness in limits. 




Flying against the wind






Flying against the wind.. Wings will hurt,
Feathers will fall,
But,
Once you reach the destination,
You become a survivor of a storm.
Fallen wings will change the look,
So the your courage..!


සිහින - මා

මව් කුසෙන් මිහි කුස එලිය දකිනා සඳ,
දෑඟිලි මිට මොලවා පැමිණියද,
එම දෑඟිලි අතර සිරකොට රැගෙන ආ දෙයකුදු නැත..
මනු සතෙකු වූ නියාවෙන්ම ලද
මා පිය ස්නේහයට මැදිව
තැනිව සරන බැව් නොම පසක් වෙන පරිද්දෙන් මයාවක පැටලී..
කාලයේ අවෑමෙන් මට මා පමණක්ම බව පසක් විණි..
අහෝ..
දහසකුත් එකක් සිහින වලට මිල නියම කරනු වස් කාලයේ මුදලිඳුට "'මා" උගසට තබා ඇත..
දැන් මට මා ද අහිමිය..
උගසට තැබූ "මා" නැවත නොඑනු ඇත..
කෙසේ හෝ "සිහින" දිනා ගත යුතුව ඇත..

from my old blogspot chathunadee.blogspot.com

නොනැවතී ඉදිරියටම..

ඔබ ජය ගනිද්දී
බොහෝ පිරිවර ඔබට ඇති වෙවී.. 
ඔබ වෙනුවෙන් යැයි කියා ගනිමින්,
ඔබේ සෙවනැල්ල යටින් සිසිල ලබන්නට
බොහෝ වුන් පෙළ ගැසේවි..
යනෙන කිසිඳු තැනෙක ඔබ තනි නොවේවි..
නමුදු,
පය පැකිලී ඔබ වැටුන ක්ෂණයෙහි,
එදා කර වටා වූ දෑත්, 
මෙදා ඔබට වාරු නොදෙන විට,
සිය දෑත, දෙදණ පොළවෙ හොවා,
ඉලක්කය වෙත ඉගිලෙන්නට තනන හී සැරයක් පරිද්දෙන්,
අසාර්ථකත්වය නම් කඩමල්ලෙන් ඔතා ඇති,
මිණි පරදන සාර්ථකත්වයේ රහස් විභවයන් දරා..
දුනුදිය ඇද,
අවංක යැයි සිතූවෝ වංක බව පෙනෙද්දී,
මගේ සිතු දේ, මගේ නොවන බව පෙනෙද්දී,
එදා සුබ පැතූ මුව, අද විවේඡනයට විවර වෙද්දී..,
පහර වැදිය හැකි සැම තැනින් පහර වදිද්දී,
ඇස් කෙවෙනි තුල නලියන,
කඳුළු කැට තනි රකිද්දී..
නොනැවතී ඉදිරියටම...

from my old blogspot chathunadee.blogspot.com

ඉරණම විසඳන ජානය වී උසස් පෙළ.

ජීවිතය නමැති DNA පටයේ, 
ඉරණම විසඳන ජානය වී, උසස් පෙළ.... 
යුගලනය කරන්නට දරණ තැත, 
යොවුන් කෙළිලොල් සිත් රූ නමැති
 අනුපූරක භෂ්මයන්, 
දැඩි වෑයමේ කෝඩෝනයන්
 විකෘති නොවන ලෙසින්.... 
ජීවයේ සරල ඉනිමඟ, 
ද්විත්ව සර්පිලයක් වූ සෙයින්ම, 
ගොඩ නැගෙන විට කෙමෙන්,
 පෙනෙයි වඩාත් ලං ලං වූත් 
සංකීර්ණ වූත් 
ස්වප්න සරසවිය..

from my old blogspot chathunadee.blogspot.com

මනු දහම.

නිමක් නොපෙනෙන විශ්වයේ...
ජීවයේ නාමයෙන් එක්සත් වුවෝ..
පෘථිවි වැසියෝ..
නොලද මුත් හිස කිරුළු දරා..
සනහන්නටත්..
වනසන්නටත්..
හැක්කෙක් වෙතොත් ඒ මනසින් උසස් මනුෂ්‍යයා මය..
එකී වු මනුසතුන්,
මහද්වීප,රට,පළාත්,දිස්ත්‍රික්,නගර,ගම් 
ආදීභෞතික බැමි වලින් ද
ජාති,ආගම්,කුල මල වලින් ද..
දුරස්ව ඇති යුගයක..
මිනිස් ඇසක නැගෙන
කඳුලක ඝනකම
විනිවිදින්නට හැක්කේ..
කඳුලට නොනැඟුණු,
සංතාපය සිඳුවීමට හැක්කේ..
මනුෂ්‍යයෙකුටම බව පසක් වු
සොඳුරු මිනිසුන් නිසාවෙන් හැඳින්නෙමි..
මනු දහම..!

From my old blogspot chathunadee.blogspot.com

ව්‍යාජ හා අව්‍යාජ

 පුංචි පිනි බිඳක් නම් මම,
 දායාද කල වැස්ස නම් දෙගුරුන්,
 ගලා යන විට එය නදියක් ව, 
පෝෂණය කලේ වැස්සම නොවේ ද......,
 සිඳී යද්දී පවා.....! 

සිඳුනු කල ඒ නදී,
 අවසන් බිඳ ද ගෙන,
 දොස් නැගූ මුත් මනු සතා...
 පිරවු කෙනෙක් නැත, 
එකඳු දිය දෝතක්..!!


 එසේ වු ඒ නදී.. 
ජයගත් කලක බාධා..
 විඳ විඳ එහි අසිරි..අව්‍යාජව..,
 සතුටු වෙති සමහරුන්...ව්‍යාජව..!!
 තෙපලන විටදී ස්ව සිත් 
"මහරු කෙරුමක් ද ඔය!" 

එනමුදු..,
 කුමට තැවෙන්නීද ඒ ගැන,
 පුංචි පිනි බිඳ නදියක් ය දැන්....
 නොකල මුත් මනු සතා,
වැස්ස නම් දෙගුරුන්ම පොෂණය කල... 
මනු සතුන්වම නිවා සනහන...

from my old blogspot chathunadee.blogspot.com

කුමට සාමය? ?

අනෙකුන් පරයා ඉහළින් සිටිනට නම් 
කුමට නිදහස,?
කුමට සාමය? ?
සාමය නොවේ නුබලට අවැසි,. 
අනෙකුන් පෙලා වැජ්බෙන නුබේ සිතේ කුහක සාමයයි!!

ලිව්වේ 2015 පෙබරවාරි 3 ප.ව. 8:54
මුලින්ම පල කලේ: ට්විටර්යේ සිත්තරාවි @Nadz_Athukorala

සහජ හා පුහුණු කුසලතාව

ලැබුණි නම් පෙරදා මා පැතූ දෙය,
 මියැදින්නේ මා තුළම මා ගෙනා දෙය, 
ළැදැරියකවී දෑත් මිටි කොට..


ලිව්වේ 2014 දෙසැම්බර් 28 පෙ.ව. 4:21
මුලින්ම පල කලේ: ට්විටර්යේ සිත්තරාවි @Nadz_Athukorala

ගුරු පඬුරු

ගුරුතුමණි, දනිම් මම
 ව්‍යාජ සිනහ 
තුටු පඬුරු නොව 
මනාව දත් ශිල්පයම වන බව ගුරු පඬුරු..
ලිව්වේ 2014 දෙසැම්බර් 15 ප.ව. 7:33
මුලින්ම පල කලේ: ට්විටර්යේ සිත්තරාවි @Nadz_Athukorala

ප්‍රතිඵල නිකුත් වූ දාට පසු..

සමීකරණ, ප්‍රතික්‍රියා පැටලිලි මැද්දෙන් 
ඉඳහිට මතු වූ සිතුම් පොදි, 
තෙලි තුඩින්, 
කවි සිතින් 
කියන්නට නිදහස ලැබුවෙමි ජීවිතාන්තයටම..

ලිව්වේ 2014 දෙසැම්බර් 28 පෙ.ව. 4.10
මුලින්ම පල කලේ: ට්විටර්යේ සිත්තරාවි @Nadz_Athukorala

කුණාටුවට පසු..

සිහින මන්දිර කඩා වැටී 
අනූ නවයෙන් ඊට යට නොවී
 සුන්බුන් අතර සොයමි 
ස්වාධීනව නිදහසේ ඉන්න මඟක්..
ලිව්වේ 2014 දෙසැම්බර් 10 පෙ.ව. 6:29
මුලින්ම පල කලේ: ට්විටර්යේ සිත්තරාවි @Nadz_Athukorala

දිවි කුසුම

දිවි කුසුම වන කලට විකසිත,
හැකිවේද සුළඟකට ,
හකුළුවනු එහි රුසිරු..,
මුකුලිත කලට හැකිමුත් හෙලනු බිම..!
 සුළඟමය නෙක බාධා..
යෞවනය විකසිත..
වෘද්ධව මුකුලිත වන...


ලිව්වේ 2014 නොවැම්බර් 21 පෙ.ව. 12:28

මුලින්ම පල කලේ: ට්විටර්යේ සිත්තරාවි @Nadz_Athukorala

Thursday, May 14, 2015

උන්ගේ වත..

සිංහ දේශයේ
 සිංහ ලේ ඇති 
 සිංහලේ 
 සිංහල පමණයි උන් නොදන්නේ.. 

ලිව්වේ 2014 නොවැම්බර් 20 පෙ.ව. 5.59 
මුලින්ම පල කලේ: ට්විටර්යේ සිත්තරාවි @Nadz_Athukorala

"සිත්මල"

කිත් පැසසුම් අඩුවන කල
 හිත මිත්‍රාදීන් පෑල දොරින් පැනගොස් ඇති වගයි..
 පාළුව කාන්සිය ඕනෙයි කිව්වට
 එපා මට උඹලා ආයෙම
 මගෙ "සිත්මල" මට ඇති. 

ලිව්වේ 2014 නොවැම්බර් 14 පෙ.ව. 6 
මුලින්ම පල කලේ: ට්විටර්යේ සිත්තරාවි @Nadz_Athukorala

කොන්දේසි විරහිත ආදරය


නෙක වර්ණයෙන් පිපී සිනහ සලන මල් කැකුළු..
ඒ අතර පියාඹන නොඉවසිලිමත් සමනල්ලු..
අඹ ගසම කෙළිබිමක් කරගත් ලේනුන්..
සෙමෙන් ඒ සෙවණට පිය නැග
සෙවණ දෙන, ඵල බර රුක කෙරෙහි උපන් දයා වෙන් එහි කඳ ස්පර්ශ කරමි..
මා ඇගේ තුරුලට ගන්නට මෙන් මුදු පවන් රොදක් ගත දැවටෙයි..
කරුණාව, දයාව, ආදරය සිත පුරවද්දී,
හැල්මෙ දුවද්දී ද්වේෂයෙන්, මෝහයෙන් සිතෙහි කල තුවාල සුව වන බැව් දැනේ..
මේ උදෑසන වගේම හිතත් නැවුම්..
ගහ,කොළ,මල්,සතුන්, අපට සෙනෙහසේ දෑත් දිගු කරගෙනම සිටී..
දුවන ගමන ටිකක් නැවතිල බලන්න..
ඒ කොන්දේසි විරහිත ආදරය..
ලිව්වේ 2014 අප්‍රේල් 10.
මුලින්ම පල කලේ මුහුණු පොතේ nadeeka.athukorala

පෙරවදන

විසි එක් වසක්
තැනින් තැන,
මුහුණු පොතේ,
ට්විටර්යේ,
අතැර දැමූ බ්ලොගයේ,
දින පොත් පිටු අතර
හුදෙකලා වූ සිතුම් පොදි
එක් තැන් කරන මගේ සිතුම් සිත්තම..