නෙක වර්ණයෙන් පිපී සිනහ සලන මල් කැකුළු..
ඒ අතර පියාඹන නොඉවසිලිමත් සමනල්ලු..
අඹ ගසම කෙළිබිමක් කරගත් ලේනුන්..
සෙමෙන් ඒ සෙවණට පිය නැග
සෙවණ දෙන, ඵල බර රුක කෙරෙහි උපන් දයා වෙන් එහි කඳ ස්පර්ශ කරමි..
මා ඇගේ තුරුලට ගන්නට මෙන් මුදු පවන් රොදක් ගත දැවටෙයි..
කරුණාව, දයාව, ආදරය සිත පුරවද්දී,
හැල්මෙ දුවද්දී ද්වේෂයෙන්, මෝහයෙන් සිතෙහි කල තුවාල සුව වන බැව් දැනේ..
මේ උදෑසන වගේම හිතත් නැවුම්..
ගහ,කොළ,මල්,සතුන්, අපට සෙනෙහසේ දෑත් දිගු කරගෙනම සිටී..
දුවන ගමන ටිකක් නැවතිල බලන්න..
ඒ කොන්දේසි විරහිත ආදරය..
ලිව්වේ 2014 අප්‍රේල් 10.
මුලින්ම පල කලේ මුහුණු පොතේ nadeeka.athukorala
No comments:
Post a Comment